Breaking
අගමැතිනිය භූතාන අධ්‍යාපන ඇමති හමුවෙයි
WorldLankadeepa

අගමැතිනිය භූතාන අධ්‍යාපන ඇමති හමුවෙයි

September 4, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ සංචාරයක නිරත විය.
  2. 02භූතානයේ අධ්‍යාපන හා නිපුණතා අමාත්‍ය සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
  3. 03අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවධානය යොමු විය.
  4. 04දෙරටේ සිසුන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට අරමුණක් තැබීම.
  5. 05භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල මේස පාඨමාලා ලබාදීම ගැන සාකච්ඡා.
  6. 06වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ අධ්‍යාපන අවස්ථා genişlemek උදෙසා කටයුතු.
  7. 07අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කරන්න යෝජනා ලබා දුන්නා.

(අංජුල මහික වීරරත්න)

භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, දෙරටේ රජයන් අතර සෘජු සහභාගීත්වය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්කමක් ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී. දෙරටේ සිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම එහි අරමුණු විය.

භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විශේෂයෙන් දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අවස්ථා පුළුල් කිරීම මෙන්ම දෙරටේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අගමතනය-භතන-අධයපන-ඇමත-හමවය/1-697246
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අධ්‍යාපනභූතානයශ්‍රී ලංකාවසහායෝගීතාවවිශ්ව විද්‍යාලය
BestWeb.lk Top Web 2026 June Qualified