Breaking
ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍යයේ සංචාරයක
WorldLankadeepa

ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍යයේ සංචාරයක

September 4, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ප්‍රංශ ජනාධිපති මැක්රොන් බ්‍රිතාන්‍යයට නිල සංචාරයක් කරන ලදි.
  2. 02බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගේ සහ ප්‍රංශ ජනාධිපතිගේ හමුවිය.
  3. 03ඇන්ඩි බර්න්හැම් පාලක කම්කරු පක්ෂයේ නායකත්වය ලබා ආයේ අග්‍රාමාත්‍යයෙකුයි.
  4. 04මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු යුරෝපා නායකයා වෙයි.
  5. 05මැක්රොන් සහ බ්‍රිජෙත් අමතක නොකළේ ලැරීගේ සුවදුක් විමසා බැලීමයි.
  6. 06ඔවුන් චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින හමුවීමක්ද සිදුකළහ.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ආර්යාව බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියහ.

මැක්රොන් සහ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණි අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සහ බිරිඳ මරීගෙන් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

ඇන්ඩි බර්න්හැම්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පාලක කම්කරු පක්ෂයේ නායකත්වයට පත් වෙමිනි. ඒ, කීර් ස්ටාර්මර්ට පක්ෂ නායකත්වය අහිමි වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාටය. පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.

අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඇන්ඩි බර්න්හැම් හමුවීමට ආ පළමු යුරෝපා නායකයා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිටින බළල් සුරතලා ලැරීගේ සුවදුක් විමසා බැලීමට මැක්රොන් සහ බ්‍රිජෙත් අමතක නොකළ බව ද විදෙස් මාධ්‍ය පවසයි. ඉන් අනතුරුව මැක්රොන් සහ බ්‍රිජෙත්, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින හමුවීමට ද ගියහ. චාල්ස් රජුගෙන් සහ කැමිලා රැජිනගෙන් ද ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/පරශ-ජනපත-මකරන-බරතනයය-සචරයක/1-697248
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ප්‍රංශබ්‍රිතාන්‍යයමැක්රොන්අග්‍රාමාත්‍යසංචාරය
BestWeb.lk Top Web 2026 June Qualified