
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැවි තෙල් සහ නැප්තා මිල හෙට (05) සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38කින් අඩු වන අතර, නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළා. ඒ අනුව රුපියල් 248ක්ව පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 210ක් දක්වා පහළ යනවා. මේ අතර, දැවි තෙල් සහ නැප්තා මිල අඩුවීමෙන් ලැබෙන සහනය ඉදිරියේදී ජනතාවට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඉදිරි විදුලි බිල සංශෝධනයේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
