
විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා ප්රාදේශීය කාර්යාලවලින් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ලබන 29 වැනිදා සිට ක්රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මහජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, බත්තරමුල්ල ප්රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්රමවේදය අදාළ නොවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
