Breaking
හිටපු එස්.එස්.පීගේ පුතා යුවළකට වෙඩි තබලා
WorldLankadeepa

හිටපු එස්.එස්.පීගේ පුතා යුවළකට වෙඩි තබලා

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අඹුසැමි යුවළක් තුවාල ලැබූවා.
  2. 02කොල්ලුපිටියක වෙඩි තැබීමක් සිදු විය.
  3. 03තුවාල ලද යුවළ රෝහල්ගත කර ඇත.
  4. 0451 හැවිරිදි සැකකරුගත වී ඇත.
  5. 05පොලීසියට විවිධ ගිනිඅවි ලබාදී තිබේ.
  6. 06සැකකරුවා සමඟ කාන්තාවට සමීප සබඳතාවයක් තිබුනා.
  7. 07පෙරදා තරුණියක්ද ඔහුගේ නිවසට ගෙන ගොස් ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකු කොල්ලුපිටිය 6 වන පටු මඟ පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේ සිට අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

වෙඩි වැදීමෙන් තුවාල ලද යුවළ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.

වෙඩි තැබූ බව කියන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයා වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය , එයට යොද ජීව උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් සමග පොලිස් බාරයට ගෙන තිබේ.

තුවාල ලද කාන්තාව සැකකරු සමග කාලයක සිට සමීප සබඳතාවයක් පවත්වා ඇති අතර පෙරේදා (03) රාත්‍රී වෙනත් තරුණියක්ද සැකකරුගේ නිවස වෙත රැගෙන විත් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

තුවාල ලද එම යුවල කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත. ඔවුන් කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/හටප-එස-එස-පග-පත-යවළකට-වඩ-තබල/1-697247
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අම්බුසැමීකොල්ලුපිටියගිනිඅවිපොලිසියක්ෂණිකය
BestWeb.lk Top Web 2026 June Qualified