Breaking
හෙට සිට දැවි තෙල් සහ නැප්තා මිල අඩුවෙයි
WorldNews19

හෙට සිට දැවි තෙල් සහ නැප්තා මිල අඩුවෙයි

September 4, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිල අඩු කිරීමට තීරණය කර ඇත.
  2. 02දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38කින් අඩුවේ.
  3. 03නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩුවේ.
  4. 04දැවි තෙල් මිල රුපියල් 248 සිට රුපියල් 210 සිහි වෙයි.
  5. 05අමාත්‍ය අනුර කරුණු සතුව, සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරනු ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැවි තෙල් සහ නැප්තා මිල හෙට (05) සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38කින් අඩු වන අතර, නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළා. ඒ අනුව රුපියල් 248ක්ව පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 210ක් දක්වා පහළ යනවා. මේ අතර, දැවි තෙල් සහ නැප්තා මිල අඩුවීමෙන් ලැබෙන සහනය ඉදිරියේදී ජනතාවට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඉදිරි විදුලි බිල සංශෝධනයේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/fuel-oil-and-naphtha-prices-to-decrease-from-tomorrow/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
තෙල් මිලලංකාවඅමාත්‍යසහන
BestWeb.lk Top Web 2026 June Qualified