Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
භාණ්ඩාගාරයට හැකරැ රිංගුවේ ණය කන්තෝරැ නිලධාරීන් පුහුණුවක ඉද්දී
WorldLankadeepa

භාණ්ඩාගාරයට හැකරැ රිංගුවේ ණය කන්තෝරැ නිලධාරීන් පුහුණුවක ඉද්දී

July 21, 2026·3 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් පුහුණුවට තිබෙනුයේ ණය මුදල් වංචාවක් අරයි.
  2. 02මෙම සිදුවීම සයිබර් අපරාධයක් ලෙසයි පරණ ප්‍රශ්න පැවැති බවත් සදහන් කළේය.
  3. 03රජයේ ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම නිසා ප්‍රශ්න ඇතිවීමක් නොවේ.
  4. 04නියෝජිත අමාත්‍යවරයා පරීක්ෂණය සහ ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනවිම ඇතුළුව කළෙමින්.
  5. 05සියලු ගෙවීම් සම්පූර්ණ කිරීමට ලේඛන ලබා ගන්නා ලෙස සේවය නිවැරදි කිරීම.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඕස්ට්‍රේලියාවට ගෙවීමට සූදානම් වූ මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියවූ කාලයේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරින් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවාස්ථ පුහුණුවක නිරතව සිට ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ “ඊමේල් සර්වරය” තුළ සිදුවූ සයිබර් අපරාධයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම සිද්ධියවී ඇති බවත් පැවති පාලන ක්‍රියාදාමයේ හිස්තැන් පැවති බව හඳුනාගෙන ගැනුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම හිස්තැන් රාජ්‍ය ණය කළමනාකරන කාර්යාලය පිහිටුවීම නිසා ඇති වූවක් නොව දශක ගණනාවක සිට ඇතිවූ ප්‍රශ්න බවද හෙතෙම කීය.

එබැවින් මෙම ක්‍රියාවලිය සුමට කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ පරීක්ෂණ දිගටම සිදුවන බවද සඳහන් කළේය

පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරියේදී මැතිසබයට දැනුම් දෙන බවද ඔහු කීවේය

පරීක්ෂණ අවසන් වන තුරු නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අවසන් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව කිසියම් හෝ අනතුරු ඇඟවීමක් කර නොතිබූ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඊමේල් සේවරයේ අනාරක්ෂිතභාවය ගැන දැනුවත් කිරීමක් කර කර තිබූ බවද අනිල් ජයන්ත මහතා පැවසීය.

සියලු ගෙවීම් වලට අදාල ලේඛන භෞතිකව ලබාගෙන ඒවා නිවැරදි භාවය තහවුරු කර ගැනීමෙන් පසු ගෙවීම් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීම සහ රාජ්‍ය නය සේවාකරණයට අදාළ වගකීම් බාරගෙන ඇත්තේ 2025 දෙසැම්බර් 1 වැනිදා සිට බවත් ඒ අනුව සිද්ධිය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සංක්‍රාන්තිය නිසා ඇතිවූවක් යන්න නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කළේය

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/භණඩගරයට-හකර-රගව-ණය-කනතර-නලධරන-පහණවක-ඉදද/101-695236
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බෑන්ක්උපායවිදේශසයිබර්ණය
BestWeb.lk Top Web 2026 June Qualified