Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
ආයතන පහක දූෂණ වාර්තා නීතිපතිට අල්ලස් කොමිසමට
WorldLankadeepa

ආයතන පහක දූෂණ වාර්තා නීතිපතිට අල්ලස් කොමිසමට

July 21, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පාර්ලිමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන සඳහා වාර්තා යොමු කිරීම අනුමත කර තිබේ.
  2. 02රජයේ ගිණුම් කාරක සභාව විමර්ශන සිදු කර ඇත.
  3. 03පොදු ව්‍යාපාර කාරක සභාව විසින් සිදුකල විමර්ශනවලට අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
  4. 04ඔන්ලයින් විද්‍යුත් වාහන බලපත්‍රය පිළිබඳ විමර්ශනයක් සිදු කර ඇත.
  5. 05විවිධ ආයතන සම්බන්ධ විමර්ශනයන් සිදුකරන ලදී.
  6. 06අද දිනයේ අලුත් තීරණ දියත් කරන ලදී.
  7. 07ස්ථාවර නියෝග 119(4) හා 120(4) යටතේ අනුමැතිය ලබාදී ඇත.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් ආයතන පහක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (21) ලැබිණ

ඒ අනුව, විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 දින සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අනුමැතිය හිමිවිය.

තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (4) ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට ගත් තීරණයද පාර්ලිමේන්තුව විසින අනුමත කරන ලදී.

මේ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන පිළිබඳව කරන ලද විමර්ශන වලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 119(4) සහ 120(4)ට අදාළ සංශෝධනවල විධිවිධාන ප්‍රකාරව මෙලෙස අනුමැතිය ලබාදී අැත

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ආයතන-පහක-දෂණ-වරත-නතපතට-අලලස-කමසමට/101-695237
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පාර්ලිමේන්තුවඅල්ලස්විමර්ශනකාර්යාංශසිද්ධි
BestWeb.lk Top Web 2026 June Qualified