Breaking
ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි ගෝලීය බිඳවැටීමක්
WorldNews19

ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි ගෝලීය බිඳවැටීමක්

July 19, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මේටා සමාජ මාධ්‍යයට හදිසි බාධාවක් සිදු වුණා.
  2. 02පරිශීලකයින්ට 'Account is currently unavailable' යන පණිවිඩය දිස්වී.
  3. 03ෆේස්බුක් ප්‍රතිසංස්කරණය කරමින් සිටි කියා දැනුම් දුන්නා.
  4. 04DownDetector අනුව 'Facebook Down' තොරතුරු ඉහළ ගොස් ඇත.
  5. 05ජංගම යෙදුම සාමාන්‍ය මට්ටමින් ක්‍රියාත්මකයි.
  6. 06ඩෙස්ක්ටොප් පරිශීලකයන්ට පමණක් මෙය බලපානවා.
  7. 07ඡායාරූප සහ වීඩියෝ උඩුගත කිරීම් මාරාන්තික වෙයි.
  8. 08Meta සමාගම නිල ප්‍රකාශයක් නිකුත් නොකෙරේ.

ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන් රැසකට අද (19) පෙරවරුවේ මෙටා සමාජ මාධ්‍යය භාවිත කිරීමේදී හදිසි බාධාවකට මුහුණ දීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරවමා. පරිගණකය හරහා ෆේස්බුක් වෙත පිවිසීමට උත්සාහ කළ පරිශීලකයන්ට, “Account is currently unavailable due to a site issue” යන දැනුම්දීම දිස්වී ඇති බව සඳහන්. මෙම ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් පාර්ශ්වය දැනුම් දී ඇති අතර, සේවාව ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, DownDetector වෙබ් අඩවියේ දත්ත අනුව අද උදෑසන “Facebook Down” සම්බන්ධ පැමිණිලි සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිනෙ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ෆේස්බුක් ජංගම යෙදුම බොහෝ පරිශීලකයන්ට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර, ඩෙස්ක්ටොප් භාවිත කරන්නන්ට පමණක් මෙම බාධාව බලපා ඇති බව වාර්තා වනවා. එමෙන්ම ඇතැම් පරිශීලකයන් ඡායාරූප සහ වීඩියෝ උඩුගත කිරීම, Messenger හරහා පණිවිඩ යැවීම ඇතුළු සේවාවලට ද බාධා එල්ල වූ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්. මෙම බිඳවැටීම සම්බන්ධයෙන් Meta සමාගම මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/sudden-global-outage-of-the-facebook-website/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ෆේස්බුක්බාධාවMetaජංගමයමාධ්‍ය
BestWeb.lk Top Web 2026 June Qualified