Breaking
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනිගනියි – අධිවේගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්
WorldNews19

දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනිගනියි – අධිවේගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

July 19, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගැනීමකට ලක්වයි.
  2. 02වැලිපැන්න පිවිසුම භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස්.
  3. 03පොලීසිය සහ අධිකාරීන් තදබදය පාලනය කරයි.
  4. 04රියදුරන්ට විමසිලිමත් වීමට මාර්ගෝපදෙස් ඇත.
  5. 05ගිනි ගැනීමේ හේතුව කාර්මික දෝෂයක් ලෙස පැහැදිලිය.
  6. 06බස් රථයේ මගීන් 20 සිටින්න.
  7. 07අනතුරෙන් කිසිවෙකුට හානියක් නොමැත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ගාල්ල සහ මාතර දෙසට ධාවනය වන වාහන අධිවේගී මාර්ගයෙන් පිටවීම සඳහා වැලිපැන්න පිවිසුම භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්. රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය සහ අදාළ අධිකාරීන් පියවර ගනිමින් සිටින අතර, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත් වන ලෙසත් පොලිසියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දන්වා සිටිනවා. හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/bus-catches-fire-on-the-southern-expressway-notice-to-drivers-using-the-expressway/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අධිවේගී මාර්ගයගිනිපොලීසියරිදුම්කාර්මික දෝෂය
BestWeb.lk Top Web 2026 June Qualified