Breaking
වැල්ලමඩමේ අනතුරකින් දෙකක් මරුට පහක් රෝහලට
WorldLankadeepa

වැල්ලමඩමේ අනතුරකින් දෙකක් මරුට පහක් රෝහලට

July 19, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මාතර වැල්ලමඩම ප්‍රදේශයේදී අනතුරක් සිදුවිය.
  2. 02ඩිෆෙන්ඩර් රථයක සහ මෝටර් රථයකට ඇත්තේ.
  3. 03අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇත.
  4. 04තවත් 5 දෙනෙකුට තුවාල සිදුවී ඇත.
  5. 05බරපතළ තත්වයේ රෝහල් ගෙන ගත්තා.
  6. 06අනතුරේදී රියදුරු දෙදෙනා හඳුනාගෙන තිබේ.
  7. 07රථය මාතර හා තංගල්ල අතරයි.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් හා මෝටර් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරියක හැපී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි මාතර පොලීසිය පවසයි.

අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන මාතර වැවහමන්දුව පදිංචිව සිටි දිනේෂ් උදයංග (37) සහ මාතර හිත්තැටියේ එස්.එම්.වී.සුභාෂ් (36)නැමැති දෙදෙනෙකි.

ඔවුන්සමග ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් හතර දෙනෙකු සිමෙන්ති පැටවු රථයේ රියදුරු හා සහායක තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

එම රථය හා මෝටර් රථය මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය කර ඇති අතර සිමෙන්ති පැටවු ලොරි රථය තංගල්ල දෙසට සිට මාතර දෙසට ධාවනය කර ඇති බව පොලීසිය සදහන් කරයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/වලලමඩම-අනතරකන-දකක-මරට-පහක-රහලට/101-695099
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අනතුරමාතරතුවාලඩිෆෙන්ඩර්පොලීසිය
BestWeb.lk Top Web 2026 June Qualified