
(නිමල කොඩිතුවක්කු)
රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථකත්වය සහ සහභාගීත්වය මත පදනම් වන බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹදී පැවසුවාය.
අධ්‍යාපනය, ආර්ථිකය, ප්‍රජා නායකත්වය සහ සාමාන්‍යය ජීවිතය තුළ කාන්තාවන්ට සම අවස්ථා ලබාදීම තිරසාර සංවර්ධනය, ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සහ ශක්තිමත් සමාජයක් ගොඩනැගීම සඳහා අතවශ්‍ය කරුණක් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවයට කොළඹදී එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආර්ථිකය සහ නායකත්වය සඳහා සමාන ප්‍රවේශයක් තුළින් සෑම කාන්තාවකටම තම පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
