
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ නිල බහුතරය පවතින්නේ සමඟි ජන බලවේගයට වුවද, සැබෑ විපක්ෂ නායක කාර්යභාරය නොනිල වශයෙන් ඉටු කරනු ලබන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා පවසනවා. ඊයේ (17) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ බහුතර බලය පවතින්නේ සමඟි ජන බලවේගයට බැවින් විපක්ෂයේ බහුතර පාර්ශවයේ එකඟතාවයකින් තොරව නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය භාරගන්නා ලෙස ආරාධනා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝජ් ගමගේ මහතා පෙන්වා දුන්නේ, “සමඟි ජන බලවේගයට තමයි පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වැඩි බහුතරය පවතින්නේ. ඒක නිසා අපිට හැකියාවක් නැහැ නාමල් රාජපක්ෂ මැතිතුමාට ආරාධනයක් කරලා විපක්ෂය බහුතරය කියනවා නම් හැර විපක්ෂ නායක කමක් භාරගන්න. නාමල් රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක කාර්යභාරය නොනිල වශයෙන් කරන්නේ රාජපක්ෂ මැතිතුමා තමයි. ඒක මේ රටේ මිනිස්සු දකිනවා.ආණ්ඩුවට විරුද්ධව බයක් නැතුව කොන්ද පණ ඇතුව වචනයක් කතා කරන්නෑ විපක්ෂ නායකතුමා. ඒක කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා…”
