Breaking
Sword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautySword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beauty
තව කීදෙනෙක්ට සියදිවි නසාගන්න වෙයිද දන්නේ නැහැ – නාමල් කරුණාරත්න
PoliticsNews19

තව කීදෙනෙක්ට සියදිවි නසාගන්න වෙයිද දන්නේ නැහැ – නාමල් කරුණාරත්න

July 18, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධිකරණ නඩු විභාග දැවැන්ත කරුණු ඇති බව නාමල් කරුණාරත්න කියයි.
  2. 02සියදිවි හානිකරගැනීම් සිදුවන්න පුළුවන් බවට ඔහු යෝජනා කරයි.
  3. 03හිටපු පොලිස්පතිගේ සියදිවි නසාගැනීම පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කෙරේ.
  4. 04රාජපක්ෂ පවුලට එරෙහි නඩු පෝලිමක් පවතී.
  5. 05විපක්ෂයේ මාධ්‍ය පාර්ශවයේ කුමාරයන්ගේ ජීවිත මාරු වීමේ තර්ජනයක්.
  6. 06මහින්දානන්ද අලුත්ගමගේටද දඬුවම් නියම වී ඇත.
  7. 07හැමෝටම දැන් අයත් නඩු තියෙන බවය.
  8. 08පසුගිය දවස්වල අතුරුදන්වීම් කිහිපයක් සිදුවී ඇත.

විපක්ෂයේ දේශපාලනඥයන් බහුතරයකට එරෙහිව මේ වනවිටත් අධිකරණ රැසක නඩු විභාග වෙමින් පවතින බැවින්, ඉදිරියේදී ද දේශපාලන කරළිය තුළ සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. හිටපු දේශපාලනඥයන්ට නියම වූ සිරදඬුවම් පිළිබඳව මතක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර 20කට, හිටපු වෙළෙඳ අමාත්‍යවරයා වසර 25කට සහ සරණ ගුණවර්ධන 16කට වශයෙන් දඬුවම් නියම වී ඇත්තේ ඔවුන්ට එරෙහිව ඇති චෝදනා එකක් සඳහා පමණක් බවයි. රාජපක්ෂ පවුලේ සෑම සාමාජිකයෙකුටම පාහේ නඩු පෝලිමක් පවතින බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී බොහෝ පිරිසකට සිරගත වීමට සිදුවනු ඇති බවත්, ඊට පෙර ඇතැම්විට මෙවැනි සියදිවි හානිකරගැනීම් සිදු විය හැකි බවත් සඳහන් කළා. කෙසේ වෙතත්, හිටපු පොලිස්පතිවරයාගේ සියදිවි නසාගැනීම කුමන කරුණක් මුල් කරගෙන සිදුවූවාදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක්ම වුණා. මීට පෙර සියදිවි නසාගත් අයෙක් තමන්ගේම අත්අකුරින් ලියූ ලිපි මඟින් අධිකරණයට සහ අල්ලස් කොමිසමට තොරතුරු හෙළි කර තිබුණා, කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට වාර කිහිපයකදී සහ එයාර් බස් ගනුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට අල්ලස් ලබාදුන් ආකාරය පිළිබඳව. දැන් හිටපු පොලිස්පතිවරයෙකුත් සියදිවි නසාගෙන තිබෙනවා. ඉදිරියට තව කී දෙනෙකුට මෙවැනි තීරණ ගන්න වෙයිද දන්නේ නැහැ. මොකද විපක්ෂයේ ඉන්න පිරිසෙන් අති බහුතරයක් ඉන්නේ ඇප පිට, ඔවුන්ට විරුද්ධව නඩු පෝලිමක් තිබෙනවා.”

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/there-is-no-telling-how-many-more-people-might-be-driven-to-suicide-namal-karunaratne/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
දේශපාලනඅධිකරණසියදිවිමිහිතලරාජපක්ෂ
BestWeb.lk Top Web 2026 June Qualified