
බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සහ ඒවාට කඩිනම් විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති ප්‍රධාන අභියෝග සහ ඒවාට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබෙනවාත පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සම්බන්ඳයෙන් ද මෙහිදී අවදානය යොමු කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරිමය ගැටලු, සේවා තත්ත්වය සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ, තම ගැටලු ජනාධිපතිවරයෙකු වෙත සෘජුව ඉදිරිපත් කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙය බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කරන බවයි.
