
යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 2022 අරගල සිදුවීමට අදාළව පවතින නඩු දෙකකට අදාළව අධිකරණයට ඉදිරිපත් නොවීම යන චෝදනාව යටතේ ඔවුන්ට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
