Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි
PoliticsLankadeepa

ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි

July 17, 2026·3 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහි චෝදනා නැගීය.
  2. 022020 ජනාධිපතිවරණය සඳහා චීනය මැදිහත් වුනු බව චෝදනා.
  3. 03ට්‍රම්ප් පරාජය වීමත්, බයිඩන් ජනාධිපති වීමත්.
  4. 04චීනයෙන් 220 මිලියන ඡන්ද දායකයන්ගේ දත්ත ලබාගැනීම.
  5. 05ට්‍රම්ප් කාලයේදී චීනයට තීරු බදු පැනවීය.
  6. 06චීනයට තීරු බදු පැනවීම වෙළෙඳ යුද්ධයක් බවට පැවතුණා.
  7. 07චීන රජය ට්‍රම්ප්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමැතීය. එහිදී ට්‍රම්ප්ගේ වැඩි අවධානය යොමු වූයේ චීනය කෙරෙහිය.

2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය.

2020 වසර වෙද්දී, ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ට්‍රම්ප්ය. 2020 ජනාධිපතිවරණයට ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වූයේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි බැවිනි. එදා ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ය.

බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය විය. බයිඩන් ජනාධිපති ධුරයට පත්විය. ට්‍රම්ප්, සිය දෙවැනි සහ අවසන් ධුරයට පත් වූයේ 2024 ජනාධිපතිවරණයෙනි. ඒ විශිෂ්ට ජනවරමකිනි.

2020 දී ඡන්ද දායකයන් මිලියන 220 ක පිරිසකගේ දත්ත ගොනු චීනය විසින් ලබාගෙන ඇතැයි ට්‍රම්ප් ජාතිය අමතමින් කියා සිටියේය. ඒ බව විමර්ශනවලදී තහවුරු වුණු බව ද ට්‍රම්ප් අවධාරණය කළේය. ඉතිහාසයේ සිදුවුණු විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය මෙය බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී දීනය සමග ගැටුණි. ට්‍රම්ප්, චීනයට පළමු වරට තීරු බදු පැනවූයේ සිය පළමු ධුර කාලයේදීය. ඇමෙරිකාව චීනයටත්, චීනය ඇමෙරිකාවටත් පෙරළා තීරු බදු පැනවූ අතර, මේ වනවිට එය වෙළෙඳ යුද්ධයක් තෙක් දුරදිග ගොස් අවසන්ය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින්, චීනයට දොස් නැගීමත් චෝදනා කිරීමත් චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ට්‍රම්ප් එල්ල කරන චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ජතය-අමතමන-ජනපත-ටරමප-චනයට-දහ-කපය/101-695042
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩොනල්ඩ් ට්‍රම්ප්චීනයජනාධිපතිවරණයතීරු බදුවෙළෙඳ යුද්ධය
BestWeb.lk Top Web 2026 June Qualified