Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ආබාධ සහිත ප්‍රජාව ජනපති ලේකම් හමු වෙයි
PoliticsLankadeepa

ආබාධ සහිත ප්‍රජාව ජනපති ලේකම් හමු වෙයි

July 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආබාධ සහිත ප්‍රජාව සඳහා අයවැය යෝජනාව ජනාධිපති ලේකම්ට භාරදෙන ලදී.
  2. 02විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ආබාධිත ප්‍රජාවට ලබාදීමට සැලැස්මක් තිබේ.
  3. 03ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම වැදගත් බව පෙන්වාදıldı.
  4. 04සංචාරක කර්මාන්තයේ ආබාධිත ප්‍රජාවගේ සහභාගීත්වය වැඩිකිරීමේ අවධානය.
  5. 05රජය ආබාධිත ප්‍රජාවට පැවැත්‍මක් ලබාදීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු ගැන තිබේ.

(අංජුල මහික වීරරත්න)

ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව විසින් ප්‍රමුඛ කේෂ්ත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී.

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම සහ ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රවේශ පහසුකම් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට මෙහිදී ස්තුතිය පළ කළහ.

ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම තුළින් ඔවුන්ද සමාජයේ සාමාන්‍ය කොටස්කරුවන් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා 'එක්ව අත්නොහැර' ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කර ඇති බවත්, අයවැය යෝජනාද ඊට අනුගත වන පරිදි සකස් කර ඇති බවත් ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට අමතරව සංචාරක කර්මාන්තය තුළ ආබාධ සහිත ප්‍රජාවගේ සහභාගීත්වය වැඩි කිරීම සහ ප්‍රවේශ පහසුකම් වැඩි කිරීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සාම්ප්‍රදායික ආබාධිත ප්‍රජාව බලගැන්වීමට සකසා ඇති පුහුණුව තුළින් එම පිරිසට විවෘත රැකියා වෙළෙඳපොළ තුළ අවස්ථා නිර්මාණය නොවන බවද මෙහිදී අවධාරණය කරන ලදී.

ආබාධ සහිත ප්‍රජාව සමාජයේ සම කොටස්කරුවන් බවට පත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ඊට අවශ්‍ය චක්‍රලේඛ හා නියෝග කඩිනමින් නිකුත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහතා, ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය, ආබාධ සහිත ප්‍රජාව සහ සිවිල් සමාජ නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ආබධ-සහත-පරජව-ජනපත-ලකම-හම-වය/101-695050
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සමාජයආබාධඅයවැයසංචාරකත්වයදේශපාලන
BestWeb.lk Top Web 2026 June Qualified