Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
එංගලන්තය පැරදවූ පසු ආර්ජන්ටිනාව පිටිය මැද එසවූ බැනරයේ තිබ්බේ මොනවද?
SportsNews19

එංගලන්තය පැරදවූ පසු ආර්ජන්ටිනාව පිටිය මැද එසවූ බැනරයේ තිබ්බේ මොනවද?

July 16, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආර්ජන්ටිනා එංගලන්තය 2-1කට පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
  2. 02ක්‍රීඩකයින් ප්‍රකාශ කළ මැදියම කර්තව්‍යයක් ඇති නිසා අර්බුදයකට මුහුණ දී.
  3. 03ජියෝවානි ලෝ සෙල්සෝ සහ නිකෝලස් ඔටමෙන්ඩි 'Las Malvinas son Argentinas' බැනරය දැක්වූවා.
  4. 041982 දී ෆෝක්ලන්ත යුධය හා සම්බන්ධ සාධකයන් ප්‍රකාශයට පත් කළා.
  5. 05එංගලන්තය වෙනුවෙන් ඇන්තනි ගෝඩන් ගෝලයක් ලබාදී ආර්ජන්ටිනාව පසු පසට ඇද කලා.
  6. 06එහෙත් එන්සෝ ෆර්නැන්ඩස් සහ ලවුටාරෝ මාර්ටිනස්ගේ ගෝල් ආර්ජන්ටිනාව ජය ගන්වා.
  7. 07අවසාන තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.
  8. 08ප්‍රදර්ශනය කළ බැනරය හේතුවෙන් විනය ක්‍රියාමාර්ග වලට මුහුණ දෙන්නෙයි.

ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තියුණු මුහුණුවරක් ගත් අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය 2-1ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා. කෙසේ වෙතත්, තරග ජයග්‍රහණයෙන් පසු ආර්ජන්ටිනා ක්‍රීඩකයින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටියා. තරගය පැවැති ‘මර්සිඩීස් බෙන්ස් ඇරීනා’ (Mercedes Benz Arena) ක්‍රීඩාංගණය මැදට පැමිණි ආර්ජන්ටිනා ක්‍රීඩකයන් වන ජියෝවානි ලෝ සෙල්සෝ (Giovani Lo Celso) සහ නිකොලස් ඔටමෙන්ඩි (Nicolas Otamendi) “Las Malvinas son Argentinas” (ෆෝක්ලන්ත දූපත් ආර්ජන්ටිනාවට අයිතියි) යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණා. මෙම බැනරය හරහා ඔවුන් අදහස් කර ඇත්තේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර වසර 44කට පෙර (1982 දී) දින 74ක් පුරා පැවැති දරුණු යුද්ධයට හේතු වූ ෆෝක්ලන්ත දූපත් (ආර්ජන්ටිනාවේ මෙය හඳුන්වන්නේ ‘ඉස්ලාස් මැල්විනාස්’ යනුවෙන්) ගැටලුවයි. එම යුද්ධයෙන් ආර්ජන්ටිනා වැසියන් 649 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් 255 දෙනෙකු ඇතුළුව 900කට අධික පිරිසකට ජීවිත අහිමි වුණා. 1982 යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය ෆෝක්ලන්තයේ බලය යළි තහවුරු කරගත් නමුත්, ආර්ජන්ටිනාව තවමත් මෙම බ්‍රිතාන්‍ය ආරක්ෂිත ප්‍රදේශය තමන්ගේ ජාතික අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සලකනවා. තරගයේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝඩන් (Anthony Gordon) එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් ආර්ජන්ටිනාව පසුපසට ඇද දැමුවා. එහෙත් 85 වැනි මිනිත්තුවේදී ඈත සිට එල්ල කළ සුපිරි ප්‍රහාරයකින් ගෝලයක් ලබාගත් එන්සෝ ෆර්නැන්ඩස් (Enzo Fernandez) ලකුණු තත්ත්වය සම කළා. ඉන් අනතුරුව, අතිරේක කාලයේ දෙවන මිනිත්තුවේදී ලවුටාරෝ මාර්ටිනස් (Lautaro Martinez) හිසෙන් එල්ල කළ පන්දුවක් ගෝලයක් බවට පත් කරමින් ආර්ජන්ටිනාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්නා. 2022 කටාර් ලෝක කුසලාන ශූරයන් වූ ලියොනල් මෙසී ඇතුළු ආර්ජන්ටිනා කණ්ඩායම සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව තරග වැදීමට නියමිතයි. තරග පිටියේ දේශපාලන පණිවිඩ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන ෆිෆා (FIFA) සංවිධානයේ දැඩි නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම බැනරය ප්‍රදර්ශනය කළ ආර්ජන්ටිනා කණ්ඩායමට විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. ‘දි ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (The Associated Press) පුවත්පතට අනුව, තරගය නැරඹීමට පැමිණෙන ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින්ට ෆෝක්ලන්ත දූපත් නිරූපණය වන ධජ හෝ බැනර් ක්‍රීඩාංගණයට රැගෙන ඒම තහනම් කර තිබුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/the-falkland-islands-belong-to-argentina-banner-from-messis-team/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
වැඩසටහනයටත්පරීක්‍ෂණය
BestWeb.lk Top Web 2026 June Qualified