Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවිසැරිය නිමා කරයි
SportsNews19

ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවිසැරිය නිමා කරයි

July 18, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සෝබර්ස් අභාවප්‍රාප්ත.
  2. 02ඔහුගේ වයස 89ක් වන විට මිය ගොස් ඇත.
  3. 031954-1974 කාලය තුළ 93 ටෙස්ට් ක්‍රීඩාවන්ට සහභාගි විය.
  4. 048,032 ලකුණු සහ 235 කඩුලු රැස් කිරීමෙන් සෝබර්ස් ප්‍රසිද්ධි හිමි විය.
  5. 051958 දී 365 ලකුණු රැස් කළේ විශාල සම්මානයක් ලෙස.
  6. 061968 දී විශේෂිත පන්දුවාරයක පන්දු හයමට පහර දීමෙන් පළමු ක්‍රීඩකයා.
  7. 071975 දී 'නයිට්' යැයි ගෞරව නාමයක් ලබා ගත්තා.
  8. 0820 වන සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට නමින් නම් කළා.

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 89 වැනි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1954 සිට 1974 දක්වා වසර 20ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ තරග 93කට එක් වූ සෝබර්ස් ලකුණු 8,032ක් රැස් කළ අතර කඩුලු 235ක් ද දවා ගැනීමට සමත් වුණා. 1958 වසරේ පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළ ඔහුගේ ඉනිම, වසර 36ක් පුරා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතර රැඳී තිබුණා. පිතිකරණයෙන් පමණක් නොව, වේග පන්දු සහ දඟ පන්දු යන දෙඅංශයෙන්ම එකසේ දස්කම් දැක්වූ සෝබර්ස්, ක්‍රීඩාවේ සැබෑ තුන් ඉරියව් විශිෂ්ටයෙකු ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍රව ඇති බව සඳහන්. 1968 වසරේ නොටින්හැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී, පළමු පෙළ ක්‍රිකට් තරගයක එක් පන්දුවාරයක පන්දු හයටම හයේ පහර හයක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් 1975 වසරේදී “නයිට්” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ සෝබර්ස්, 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද නම් කර තිබුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/one-of-the-worlds-greatest-cricketers-passes-away/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ක්‍රිකට්බටහිර ඉන්දීයසෝබර්ස්අභාවප්‍රාප්තකණ්ඩායම
BestWeb.lk Top Web 2026 June Qualified