
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් බව සඳහන් වනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සිදුකිරීමට නියමිතව තිබිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද රාත්‍රී 7.30ට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
