
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සමත් වුණා. ඒ, ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්. තරඟයේ පළමු අර්ධය දෙපිලම ගෝල රහිතව අවසන් වූ අතර, දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝඩන් එංගලන්තයට පෙරමුණ ලබා දුන්නා. කෙසේවෙතත්, ආර්ජන්ටිනාව වෙනුවෙන් එන්සෝ ෆර්නැන්ඩස් 85 වැනි මිනිත්තුවේදී සම කිරීමේ ගෝලය වාර්තා කළ අතර, අතිරේක කාලයේ දෙවැනි මිනිත්තුවේදී ලවුතාරෝ මාර්ටිනස් ජයග්‍රාහී ගෝලය රැස් කරමින් තරඟයේ තීරණය ආර්ජන්ටිනාවට වාසිදායක කළා. මෙම ජයත් සමඟ අවස්ථා හතක් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් අතරට ආර්ජන්ටිනාව එක් වූ අතර, මෙවර ශූරතාව සඳහා ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ ස්පාඤ්ඤයයි.
