Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
එංගලන්ත කණ්ඩායම ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි...
SportsNewsfirst

එංගලන්ත කණ්ඩායම ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි...

July 16, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආර්ජන්ටිනාව එංගලන්තය සමග ජයගන්නේ 2-1 කින්.
  2. 0268,000 ක්රීඩාපිටියට පැමිණිය.
  3. 03පළමු ගෝලය වාර්තා කෙරුණේ ඇන්තනි ගෝඩන් විසින්.
  4. 04එන්සෝ ෆර්නැන්ඩස් ගෝලය දුන්නු අවස්ථාවට 30 මිනිත්තු පසුව.
  5. 05අවසානයේ, ලවුතාරෝ මාර්ටිනස් ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ.
  6. 06ආර්ජන්ටිනාව 7වන වරට ලෝක කුසලාන අවසන් තරගයට පිවිසෙයි.
  7. 07ඉදිරි තරගය ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර වේ.
  8. 08සිරස Tv හා TV1 ඔස්සේ සජීවීව නැරඹිය හැක.

ඒ එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ජය ගනිමිනි.

68,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්විණි.

උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ 55වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ඇන්තනි ගෝඩන්.

ඉන් මිනිත්තු 30කට පසුව එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් විය.

තරගයේ ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ 2වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ජයග්‍රාහී ගෝලය රැස් කළේ ලවුතාරෝ මාර්ටිනස්.

ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 2ට 1ක් ලෙස ප්‍රබල ආර්ජන්ටිනාවට ජය හිමි කර දෙමිනි.

අවස්ථා 3කදී පාපන්දු ලෝක කුසලානය ජයගෙන සිටින වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව මින් පෙර අවස්ථා 6කදී පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඔවුන් මෙවර එක්වන්නේ සිය 7වැනි පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට වීමත් විශේෂත්වයකි.

ඒ අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙනු ඇති.

ලබන 20 වැනිදා නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ 3වැනි ස්ථානය සඳහා වන තරගය ප්‍රංශය සහ එංගලන්තය අතර ලබන 19 වැනිදා අළුයම 02.30ට පැවැත්වේ.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට බලයලත් විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ සිරස Tv සහ TV1 නාලිකා ඔස්සේ ඔබට එම තරග ඔබට සජීවීව නැරඹිය හැකියි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/එංගලන්ත-කණ්ඩායම-ගෝල
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පාපන්දුලෝක කුසලානයආර්ජන්ටිනාවඑංගලන්තයක්‍රීඩා
BestWeb.lk Top Web 2026 June Qualified