
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සාලේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණය හමුවේ මැදිහත්කාර පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම මඟින් අදාළ නඩු විභාගයට මැදිහත් වන පාර්ශවයක් ලෙස එක්වීමට අවසර ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්. ඒ සමඟම, සුරේෂ් සාලේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. මෙම පෙත්සම හෙට (17) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.
