Breaking
ලෝක කුසලාන පාපන්දු පිටිය ආක්‍රමණය කළ ‘රෝස’ සපත්තු රැල්ලේ රහස
SportsNews19

ලෝක කුසලාන පාපන්දු පිටිය ආක්‍රමණය කළ ‘රෝස’ සපත්තු රැල්ලේ රහස

June 18, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026 FIFA ලෝක කුසලානේ රෝස පැහැති සපත්තු දැකිය හැක.
  2. 02Nike, Adidas, Puma සේ සමාගම් මේ සපත්තු නිෂ්පාදනය කරයි.
  3. 03ක්‍රීඩකයින්ගේ විශේෂිත අවධානය ලබා දීමට රෝස පැහැය තෝරාගෙන ඇති.
  4. 04ඉහත පැහැය හැදුණෙන් ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය වැඩිය.
  5. 05කණ්ඩායම් 48 කින් රෝස පැහැයට අදාළ නිල ඇඳුම් නැත.
  6. 06Lionel Messi සහ Cristiano Ronaldo වෙනත් පැහැයකින් සපත්තු පැළඳ සිටී.
  7. 07රෝස පැහැති සපත්තු මෙවර ලෝක කුසලයට ඇති විශේෂිත ඇඟිලි වලින් ගිහින් ඇපයි.

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පුරා කැපී පෙනෙන ලෙස දකින්නට ලැබෙන ‘රෝස පැහැති’ පාපන්දු සපත්තු (Pink Football Boots) හුදු අහම්බයක් නොව, ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන සන්නාමයන් විසින් ක්‍රීඩකයන්ගේ දෘශ්‍යතාව (Visibility) සහ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම සඳහා හිතාමතාම මෙම තද පැහැය තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තාවලට අනුව, Nike, Adidas සහ Puma වැනි ලොව සුප්‍රසිද්ධ සමාගම් මෙම තරඟාවලිය ඉලක්ක කර ගනිමින් රෝස පැහැති සපත්තු එකතුවක් (Pink-themed boot collections) වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් ලොව දක්ෂතම පාපන්දු තරු රැසක්ම මෙවර ලෝක කුසලාන පිටියේදී එකම පැහැයකින් යුත් සපත්තු පැළඳ ක්‍රීඩා කරනු දැකගැනීමට හැකියාව තිබුණා. Nike සමාගමේ ගෝලීය පාපන්දු සපත්තු අංශය විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව හෙළි වී ඇත්තේ, ක්‍රීඩකයන් දීප්තිමත් සහ කැපී පෙනෙන වර්ණ භාවිතා කරන විට ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වන බවයි. එම සමාගමේ විධායක නිලධාරී ඔඩින්ගා නිමාකෝ (Odinga Nimako) ‘The Athletic’ පුවත්පතට පවසා ඇත්තේ, “විශේෂයෙන්ම මෙවැනි දැවැන්ත තරඟාවලිවලදී තද සහ දීප්තිමත් වර්ණ තමන්ට වැඩි විශ්වාසයක් ලබා දෙන බව ක්‍රීඩකයන් මෙන්ම පාරිභෝගිකයන්ද අප සමඟ පවසා තිබෙනවා” යනුවෙන්. පිටියේ කොළ පැහැති තණතිල්ලට ප්‍රතිවිරුද්ධව රෝස වර්ණය කැපී පෙනෙන ලෙස දර්ශනය වන බැවින්, ක්‍රීඩාංගනය ඇතුළත සිටින ප්‍රේක්ෂකයන්ට මෙන්ම රූපවාහිනී සජීවී විකාශයන් නරඹන්නන්ටද එය ඉතා පැහැදිලිව දර්ශනය වන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා. මීට අමතරව, මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 48 න් කිසිදු කණ්ඩායමක නිල ඇඳුම් රෝස පැහැය නොවීමද මෙම සපත්තු තවත් කැපී පෙනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. බොහෝ ක්‍රීඩකයන් මෙම නව රෝස පැහැති විලාසිතාව වැළඳගෙන තිබුණද, ලොව සුපිරි තරු කිහිපදෙනෙකු එයින් බැහැරව සිටිනු දක්නට ලැබුණා. ලයනල් මෙසී (Lionel Messi) මෙවර තරඟ වදින්නේ ‘Adidas’ සමාගම ඔහු වෙනුවෙන්ම නිපදවූ සුවිශේෂී සුදු සහ නිල් පැහැති සපත්තුවකින් වන අතර, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) පෘතුගාලයේ සමාරම්භක තරඟය සඳහා රන් පැහැති (Gold) විශේෂිත සපත්තු යුගලක් පැළඳ ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, සෑම තරඟයකදීම පාහේ රෝස පැහැති සපත්තු දැකගත හැකි වන අතර, එය 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ කැපී පෙනෙනම සුවිශේෂී දෘශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/the-secret-behind-the-wave-of-pink-shoes-that-invaded-the-world-cup-football-field/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
FIFAපාපන්දුක්‍රීඩාNikeAdidasPuma
BestWeb.lk Top Web 2026 June Qualified