Breaking
ලොවම ජය ගෙන ටාවි සමරවීර දිවයිනට
SportsLankadeepa

ලොවම ජය ගෙන ටාවි සමරවීර දිවයිනට

June 18, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ටාවි සමරවීර, වයස අවුරුදු 11 න් පහළ ක්‍රීඩකයා.
  2. 02ලෝක ශ්‍රේණිගත කිරීම් තුනකින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම දිනාගැනීම.
  3. 03පලමු වතාවට අරාසහානය පිළිබඳ අදහස් මත් වන්න.
  4. 0413 න් පහළ තරඟයේදී ලෝකඩ පදක්කම දිනාගැනීම.
  5. 05සැන්ඩිෆියුට් හි හොදම 08 තුළ සුදුසුකම් ලබාගැනීම.
  6. 06දකුණු ආසියානු මට්ටමින් ප්‍රථම ස්ථානයේ සිටිනවා.

(ටී.කේ.ජී.කපිල )

වයස අවුරුදු 11 න් පහළ , මේස පන්දු , ලෝක ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානය හිමි කර ගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ටාවි සමරවීර , ලෝක ශ්‍රේණි ගත කිරීම් තරගාවලි 03 කට සහභාගී වී , එහිදී රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද දින දිවයිනට පැමිණියේය.

කොසෝවෝ රාජ්‍යයේ ප්‍රිස්ටිනා ( Prishtina ) හි මැයි 22 සිට මැදි 25 දින දක්වා පැවති ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලියේ දී , පළමු වතාවට ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයෙකු වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ තරග ඉසව් දෙකකදී අවසාන මහා තරග සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත් අතර එහිදී 11 න් පහළ අංශයෙන් රන් පදක්කමක් සහ 13 න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් ( Sandefjord ) හි මැයි 30 දින සිට ජූනි 02 දින දක්වා පැවති ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලියේ දී , 13 න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම සහ 15 න් පහළ අංශයෙන් " හොදම 08 දෙනා " අතරට පැමිණීමට අවස්ථාව ටාවි සමරවීර හිමි කර ගෙන තිබුණි .

මේ වනවිට ටාවි සමරවීර දකුණු ආසියානු කළාපයේ වයස අවුරුදු 11 ක් පහළ සහ අවුරුදු 13 න් පහළ ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ පසුවන ක්‍රීඩකයාය .

ටාවි සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ලවම-ජය-ගන-ටව-සමරවර-දවයනට/101-693707
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මීස පන්දුක්‍රීඩකයෝප්‍රතිඵල
BestWeb.lk Top Web 2026 June Qualified