
FIFA ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට කොංගෝ රාජ්‍යය සමත් වුණා. කොංගෝ කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාල කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයක්. ඇමෙරිකාවේ හූස්ටන් නුවර, හූස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘K’ කාණ්ඩයේ 23 වැනි තරගය ලෙස මෙම තීරණාත්මක තරගය ක්‍රියාත්මක වුණා. කොංගෝ රාජ්‍යය වෙනුවෙන් මෙම සුවිශේෂී සහ ඓතිහාසික ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ යොආන් විස්සා (Yoane Wissa) යි. ඔහු තරගයේ පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර, එනම් 45 වැනි විනාඩියේදී මෙම ගෝලය සාර්ථකව ලබා ගනිමින් කොංගෝ පාපන්දු ඉතිහාසය අලුතින් ලිවීමට සමත් වුණා. වසර 52කට පසුව කොංගෝව මෙවර FIFA ලෝක කුසලානයකට සම්බන්ධ වීමද විශේෂත්වයක්. ඒ අනුව, පෘතුගාලය සහ කොන්ගෝ අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වුණා. ඒ ගෝල 1 – 1 ක් වශයෙන්.
