Breaking
වස්තුභංගත්ව පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය
BusinessLankadeepa

වස්තුභංගත්ව පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

June 18, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පත සන්ධානය කර ඇත.
  2. 02මෙම පනත් මාර්තු 17 දින පළමුවර කියවන ලදී.
  3. 03මැයි 6 දින විවාදයට ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට අනුමැතිය ලැබුවා.
  4. 04ණයගැතියාගේ සාධාරණ ආදායම සහ ආරක්ෂාව තහවුරු කරයි.
  5. 05පුද්ගලික බංකොලොත්භාවය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටි ඇතුළුවී ඇත.
  6. 06අඩු ආධාරක ආරම්භයක් හා ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් සැපයීමට උත්සාහයි.
  7. 072026 අංක 12 දරන පනත ලෙස බලාත්මක වේ.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර ඇත.

එම පනත් කෙටුම්පත පසුගිය මාර්තු මස 17 දින පළමුවර කියවන ලද අතර මැයි මස හයවෙනිදා විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

ඒ මගින් බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත, 2007 අංක 07 දරන සමාගම් පනත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සහ බංකොලොත්භාවය පිළිබඳ ආඥා පනත (97 වන පරිච්ඡේදය) අවලංගු කිරීම සිදු කෙරේ.

ණයගැතියාගේ සාධාරණ ආදායම සහ අත්‍යවශ්‍ය දේපළ ආරක්ෂා කිරීම තහවුරු කරන අතරම, ණය ආරක්ෂණ, තාවකාලික නිවාඩු සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධාන වැනි පුද්ගලික බංකොලොත්භාවය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටි මෙම පනතේ ඇතුළත්ව ඇත.

තව ද, ණය වෙළඳපොළේ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආයතනික පරිපාලනය, ග්‍රාහකත්වය සහ දේශසීමා බංකොලොත්භාවය පිළිබඳ ගැටලු උක්ත පනත් කෙටුම්පත මගින් ආවරණය කෙරේ.

එමෙන්ම, මෙම පනත මගින් අවංක තනි ණය ගැතියන් සඳහා නැවුම් ආරම්භයක් සහ පීඩාවට පත්ව ඇති නමුත් මූලික වශයෙන් ශක්‍ය සමාගම් පුනරුත්ථාපනය කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් සැපයීමට උත්සාහ කිරීමද අපේක්ෂිතය.

ඒ අනුව බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත, 2026 අංක12 දරන බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/වසතභගතව-පනත-කටමපතට-කතනයකග-සහතකය/1-693718
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බේරාගැනීම්පුනරුත්ථාපනබංකොලොත්භාවය
BestWeb.lk Top Web 2026 June Qualified