Breaking
‘Pizza Hut’ ජාලය බිලියන ගාණකට විකිණීමේ තීරණයක්
BusinessNews19

‘Pizza Hut’ ජාලය බිලියන ගාණකට විකිණීමේ තීරණයක්

June 18, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01Pizza Hut තම මව් සමාගම Yum! Brands විසින් විකිණීමට තීරණය කරයි.
  2. 02ඇමරිකාවේ Pizza Hut ආපනශාලා 250ක් වසා දැමීමට කටයුතු කරනවා.
  3. 03Pizza Hut 1958දී ආරම්භ වී, PepsiCo විසින් 1977දී මිලදී ගේන.
  4. 04Yum! Brands අදාළ සංවිධානයට LongRange Capital වෙත විකුණයි.
  5. 05Yum China Holdings, Inc. චීනයේ Pizza Hut මිලදී ගනී.
  6. 06Yum! Brands අලෙවි පහත වැටීම් නිසා විකල්ප විසඳුම් සෙවීම ආරම්භ කරයි.
  7. 07අර්බුදයෙන් Pizza Hut නැවත වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජනයක් අවශ්‍යයි.

පසුගිය කාල වකවානුව පුරා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි සුප්‍රකට ‘Pizza Hut’ ආපනශාලා ජාලය, එහි මව් සමාගම වන Yum! Brands විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක මුදලකට විකුණා දැමීමට තීරණය කර තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී Yum! Brands සමාගම ප්‍රකාශ කර තිබුණේ, තමන් Pizza Hut සමාගම විකුණා දැමීමට අදහස් කරන බවත්, ඒ යටතේ ඇමරිකාවේ පිහිටි එහි ආපනශාලා 250ක් පමණ වසා දැමීමට කටයුතු කරන බවයි. පාරිභෝගික ආකර්ෂණය ගිලිහී ගිය පැරණි විලාසිතාවේ ආපනශාලා පරිශ්‍රයන් සහ වෙළඳපොළ තුළ ඇති වූ දැඩි තරඟකාරිත්වය හේතුවෙන් Pizza Hut සමාගම මෙලෙස දිගින් දිගටම පාඩු ලබමින් අර්බුදයට පත්ව තිබුණා. 1958 වසරේදී ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ විචිටා (Wichita) හිදී Pizza Hut සන්නාමය ආරම්භ වුණා. පසුව 1977 දී PepsiCo සමාගම විසින් මෙය මිලදී ගත් අතර, 1997 වසරේදී ඔවුන් තම ආපනශාලා අංශය වෙන් කරමින් Yum! Brands සමාගම පිහිටුවීමට පියවර ගත්තා. මීළඟ හිමිකාරිත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් Yum! Brands සමාගම පසුගිය අඟහරුවාදා සඳහන් කළේ, ප්‍රධාන චීන වෙළඳපොළ හැර සෙසු රටවල පවතින Pizza Hut ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලකට ‘LongRange Capital’ නම් පුද්ගලික කොටස් ආයෝජන සමාගම (Private equity firm) වෙත විකුණා දැමූ බවයි. මේ අතර, චීන මහ භූමිය තුළ ක්‍රියාත්මක වන Pizza Hut ව්‍යාපාර කොටස ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලකට ‘Yum China Holdings, Inc’ සමාගම විසින් මිලදී ගැනීමට නියමිතයි. Yum! Brands හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් ටර්නර් කියා සිටියේ, “LongRange සහ Yum China සමාගම්වල නව හිමිකාරිත්වය සහ ආපනශාලා ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන් සතු මනා පළපුරුද්ද හේතුවෙන්, ඉදිරියේදී Pizza Hut සන්නාමය වඩාත් ශක්තිමත් වර්ධනයක් කරා ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.” KFC සහ Taco Bell වැනි ලොව සුප්‍රකට සන්නාමයන්හි ද හිමිකාරීත්වය දරන Yum! Brands සමාගම, Pizza Hut හි අඛණ්ඩ අලෙවි පහත වැටීම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිටම මේ පිළිබඳව විකල්ප විසඳුම් සෙවීම සඳහා උපායමාර්ගික සමාලෝචනයක් ආරම්භ කර තිබුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් GlobalData හි කළමනාකාර අධ්‍යක්ෂ නීල් සෝන්ඩර්ස් (Neil Saunders) ප්‍රකාශ කළේ, “දිගු කලක සිටම Yum සමාගම් සමූහය තුළ තිබූ දුර්වලම පුරුකක් තමයි Pizza Hut කියන්නේ. සන්නාමය නැවත නංවාලීමට සහ පාඩු ලබන ශාඛා වසා දැමීමට විවිධ උත්සාහයන් ගත්තත්, මෙම අංශය නැවතත් ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශාල ආයෝජනයක් සහ දැඩි ඉවසීමක් අවශ්‍ය වෙනවා. නමුත් Yum සමාගම ඒ සඳහා සූදානම් නැති බව දැන් පැහැදිලියි.” Pizza Hut ව්‍යාපාරය විකුණා දැමීම හරහා, ඉහළ අලෙවියක් සහ ලාභයක් ලබන සෙසු සන්නාමයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට Yum! Brands සමාගමට අවස්ථාව හිමිවන බව ද සෝන්ඩර්ස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා. කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් (Louisville) හි පිහිටි Yum! Brands සමාගම අපේක්ෂා කරන්නේ මෙම වසරේ තෙවන කාර්තුව තුළදී මෙම ගනුදෙනු ද්විත්වයම සම්පූර්ණයෙන්ම නිම කිරීමටයි. කෙසේ වෙතත්, මෙම පුවතත් සමඟ කොටස් වෙළඳපොළ ආරම්භ වීමට පෙර Yum! Brands සමාගමේ කොටස් මිල සුළු පහත වැටීමක් ද පෙන්නුම් කර තිබුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/decision-to-sell-pizza-hut-chain-for-billions/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
Pizza HutYum Brandsඅර්බුදයවිකුණීමඅලෙවිය
BestWeb.lk Top Web 2026 June Qualified