
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය උද්වේගකර අයුරින් ආරම්භ කරමින් ‘I’ කාණ්ඩය යටතේ පැවැති තියුණු තරගයකින් සෙනගාලය ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. අමෙරිකාවේ මෙට්ලයිෆ් (MetLife) ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය, අවසන් මිනිත්තු කිහිපය දක්වාම ප්‍රේක්ෂකයින් දැඩි කුතුහලයක තැබූ උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු අර්ධය පුරාම දෙපිලෙන්ම ඉතාමත් වේගවත් සහ තියුණු තරගකාරීත්වයක් දක්නට ලැබුණා. සෙනගාල කණ්ඩායමට පළමු අර්ධය තුළ ගෝල ලබාගැනීමට ඉතා කදිම අවස්ථා කිහිපයක්ම උදාවූ නමුත්, ප්‍රංශ ආරක්ෂක පෙළ බිඳලමින් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. දෙවන අර්ධයේදී තරගයේ පාලනය තමන් සතු කරගත් ප්‍රංශය වෙනුවෙන් 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ නායක කිලියන් එම්බාපේ, මයිකල් ඔලිසේගේ සහයෝගයෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් ප්‍රංශයට 1-0 ක පෙරමුණක් ලබා දුන්නා. ඉන්පසුව වහාම කිලියන් ම්බාප්පේ දෙවැනි ගෝලය වාර්තා කළා. මෙම ගෝලයත් සමඟ ඔලිවියර් ජිරූඩ් පසුකර යමින් ප්‍රංශ පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා (France’s top all-time goalscorer) බවට පත්වීමට කිලියන් එම්බාපේ නිල වශයෙන් සමත් වුණා. එසේම මෙය ඔහුගේ 14 වැනි ලෝක කුසලාන ගෝලය ද වනවා. ඉන්පසු තරගයේ 80 වැනි මිනිත්තුවේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola), මිනිත්තු දෙකකට පසු (82 වැනි මිනිත්තුවේදී) ඉතාමත් සූක්ෂ්ම ගෝලයක් ලබාගනිමින් ප්‍රංශය 2-0 ක් ලෙස ඉදිරියට ගෙන ගියා. තරගයේ නියමිත කාලය (මිනිත්තු 90) අවසන් වන විට ප්‍රංශය 2-0ක් ලෙස පෙරමුණේ පසුවූ අතර, විනිසුරු විසින් මිනිත්තු 8ක අතිරේක කාලයක් ලබා දුන්නා. බොහෝ දෙනා තරගය එම ලකුණු තත්ත්වයෙන් අවසන් වනු ඇතැයි උපකල්පනය කළද, තරගය උඩුයටිකුරු වූයේ 90+6 වැනි මිනිත්තුවේදීයි. සෙනගාලය වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි 18 හැවිරිදි තරුණ ක්‍රීඩක ඉබ්‍රාහිම් එම්බායේ, ප්‍රංශයට දැඩි තර්ජනයක් වෙමින් සෙනගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත්, ඉන් නොනැවතුණු ප්‍රංශය අතිරේක කාලය තුළ තවත් ගෝලයක් මෙන්ම ගෝලයකට ආසන්නම තත්ත්වයන් කිහිපයක්ම නිර්මාණය කරමින් අවසානයේ ගෝල 3-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
