Breaking
නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...
SportsNewsfirst

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය පරාජය කළේ පළමු වතාවක්ය.
  2. 02තරගය සවුතැම්ප්ටන් හි පැවැත්විණ.
  3. 03නවසීලන්තය ලකුණු 150 කට කඩුලු 6ක් දැවී.
  4. 04ශ්‍රී ලංකාව ලකුණු 151 ක් ලකුණු කර ජය ගත්තේ 19 වැනි පන්දුවෙන්.
  5. 05නිලක්ෂිකා සිල්වා නොදැවී 54 ලකුණු ලබා දුන්හ.
  6. 06කෞෂිණි නුත්‍යාංගනා 24 ලකුණු රැස් කළා.
  7. 07ජාතික කණ්ඩායමට ප‍්‍රථමයි වූ විශේෂ ජයග්‍රහණයක්.

ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ.

එහි පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් නායක මේලි කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් රැස් කළේ ය. කවීෂා දිල්හාරි කඩුලු 2කි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැසකරගත් ලකුණු සංඛ්‍යාව 150කි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 45කදී ය.

නායක චමරි අතපත්තු ලකුණු 27කි.

විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.

6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54කි.

කෞෂිණි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/නවසීලන්තයට-එරෙහිව-ශ්
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පන්දුවාරක‍්‍රීඩාවශ්‍රී ලංකාවකයින් ක්‍රිකට්ජය කටයුතු
BestWeb.lk Top Web 2026 June Qualified