Breaking
ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් සුපිරි ‘Hat-trick’ එකක්:ලෝක වාර්තාවකුත් සම වෙයි
SportsNews19

ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් සුපිරි ‘Hat-trick’ එකක්:ලෝක වාර්තාවකුත් සම වෙයි

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026 FIFA ලෝක කුසලාන තරඟාවලිය උණුසුම් වෙයි.
  2. 02ලියොනල් මෙසී, මිරෝස්ලාව් ක්ලෝසගේ ගෝල 16 වාර්තාව සමකරයි.
  3. 03මෙසී තරු යටතේ ඇල්ජීරියාවට එරෙහි ගෝල ත්‍රිත්වයක් වාර්තා කරයි.
  4. 04මෙසී, පළමු ක්‍රීඩකයා ලෙස හැටන් කළා දිවයිනක් තුළ.
  5. 05අර්ජන්ටිනාව 3-0 ක් පරාජයට පත් කළා.

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරෝස්ලාව් ක්ලෝස (Miroslav Klose) තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමට ආර්ජන්ටිනාවේ සුපිරි තරුව ලියොනල් මෙසී සමත් වුණා. ඔහු මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කළේ ‘J’ කාණ්ඩය යටතේ ඇල්ජීරියාවට එරෙහිව පැවති තීරණාත්මක මූලික වටයේ තරගයේදීයි. තරගය පුරාම අතිවිශිෂ්ට ක්‍රීඩා විලාසයක් දියත් කළ ලියොනල් මෙසී, ඇල්ජීරියානු ආරක්ෂක පෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ගෝල ත්‍රිත්වයක් (Hat-trick) වාර්තා කිරීමට සමත් වුණා. මෙම සුපිරි දක්ෂතාවත් සමඟ 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී එක් තරගයකදී ගෝල ත්‍රිත්වයක් (Hat-trick) වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද මෙසී සමත් වුණා. මෙසීගේ මෙම ගෝල ත්‍රිත්වයේ සවියෙන් ඇල්ජීරියානු කණ්ඩායම ගෝල 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/messi-scores-a-superb-hat-trick-against-algeria-world-record-also-equalled/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
FIFAලියොනල් මෙසීක්‍රීඩාපොදු ජාතිකපාපන්දු
BestWeb.lk Top Web 2026 June Qualified