Breaking
බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර වෙඩි තැබීමක්
WorldNews19

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර වෙඩි තැබීමක්

October 19, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බොලිවුඩ් නිළිය ටයිගර් ෂ්රෝෆ් ගමන් කළ රථයට වෙඩි ප්‍රහාරයක්.
  2. 02මෙම සිද්ධිය මුම්බායි නුවර ජුහු ප්‍රදේශයේදී සිදු වී ඇත.
  3. 03වෙඩි ප්‍රහාරයත් සමඟ ඔහුගේ රසිකයන් වැඩි ප්‍රමාණයක් රැස්වී තිබුණි.
  4. 04ටයිගර් ෂ්රෝෆ්ට කිසිදු හානියක් සිදුවී නැත.
  5. 05තරංග ලැබූ රියැදුරු යට තුවාල ලබා ඇත.
  6. 06පොලිසිය සිද්ධියට විමර්ශන ආරම්භ කර තිබේ.
  7. 07සැකකරුවන් හඳුනා ගැනීමට සීසීටීවී පරීක්ෂා සිදු කරයි.

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රෝෆ් ගමන් කළ රථයට ඉන්දියාවේ මුම්බායි නුවරදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (18) මුම්බායි නුවර ජුහු ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. ටයිගර් ශ්‍රොෆ් පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී, පුෂ්පා පාර්ක් ආසන්නයේදී නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු ඔහු ගමන් කළ රථයට වෙඩි තබා ඇති බව වාර්තා වනවා. එම අවස්ථාවේදී ඔහුගේ රසිකයන් පිරිසක් ද ඒ අසල රැස්ව සිට ඇති බව සඳහන් වනවා. වෙඩි ප්‍රහාරයෙන් ටයිගර් ෂ්රෝෆ්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ඔහුගේ රියැදුරු සහ ත්‍රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. එරට නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මෝහිත් ගාර්ග් (Mohit Garg) සඳහන් කර ඇත්තේ, ජුහු පොලිස් ස්ථානයේ බල ප්‍රදේශයට අයත් ස්ථානයකදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. වෙඩි තැබීමෙන් අනතුරුව පලාගිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/shooting-targeting-bollywood-actor-tiger-shroff/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
බොලිවුඩ්මුම්බායිප්‍රහාරයපොලීසියටයිගර් ෂ්රෝෆ්
BestWeb.lk Top Web 2026 June Qualified