
ගයාන් සූරිය ආරච්චි
ලංකාවේ විශාලම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24 ක් සමග අත්අඩංගුවට ගත් බව වලාන මධ්යම දූෂණ ප්රහාරක බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව ප්රදේශයේ පදිංචි 34 ත් 67 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසකි.
අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා මීට මාස හතරකට පමණ පෙර එම වනාන්තරයේ විසූ ඩයනා නමැති ඇතින්නටද වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝ තුනක්, ඉත්තෑ මස් කිලෝවක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලය වෙත භාරදී ඇත.
