
කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ සිනමාහලක් පරීක්ෂා කිරීමේදී ගිනිඅවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, එම සැකකරු පුද්ගලයන්ට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද පවතින බව පැවසූ ජනාධිපතිවරයා, සැකකරු ප්රදේශයේ පුද්ගලයකුගේ ඥාතියෙකු බවට ද තොරතුරු ලැබී ඇති බවයි. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (18) පැවති බදුල්ලේ පැවති කාන්තා සමුළුව අමතමින්. එහිදී ඔහු සඳහන් කළේ, මෙම වසර තුළ ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර 105ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ පිහිටි පැරණි සිනමා ශාලාවක් තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි, ජීව උණ්ඩ තොගයක් සහ ජීව අත්බෝම්බ සමඟ චරිත් කනිෂ්ක රාජකරුණා නැමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 17 වැනිදායි. ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතාගේ ඥාති සොහොයුරෙකු බවයි මේ වන විට වාර්තා වන්නේ. අදාළ සිනමා ශාලාව තුළ නීතිවිරෝධී ලෙස, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 02ක්, රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 රිපීටර් වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 398ක්, බෝර 16 වර්ගයේ ජීව උණ්ඩ 35ක්, 9mm වර්ගයේ ජීව උණ්ඩ 278ක්, 32 (පොයින්ට් 32) ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 49ක්, 22 (පොයින්ට් 22) ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 3,083ක්, ජීව අත්බෝම්බ 02ක් සඟවා තිබියදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගත් බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථාවකදී ගිනි අවියක් පෙන්වා යාචකයෙකු බිය ගන්වන විඩියෝ දර්ශනයක්ද සමාජ මාධ්යයන් හි සැරිසරණවා. කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි සහ අත්බෝම්බ සොයා ගනියි
