
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා සමාව ලබා නොදෙන්නේ නම්, වෙනත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම පිළිබඳව සලකා බැලීමට සිදුවනු ඇතැයි බලංගොඩ කස්සප හිමි පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ඊයේ (18) රාත්රියේ කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවැත්වෙන විරෝධතාවට එක්වෙමින්. පසුගිය 17 වැනිදා රෝහල්ගතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියෝ යළිත් ඊයේ එම විරෝධතාවට එක්වුණා. උන්වහන්සේ එහිදී ප්රකාශ කළේ, මේ වන විට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම මෙම විරෝධතාවයේ ප්රධාන අරමුණ බවයි. මෙම විරෝධතාව සම්බන්ධයෙන් රජය වැරදි අවබෝධයකින් පසුවන බවත්, භික්ෂූන් වහන්සේලා රජය පෙරළීමේ උත්සාහයක නිරත වන බවට රජය සිතන බවත් සඳහන් කළා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, “ජනාධිපතිවරයා දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කරනවා නම් සහ උන්වහන්සේ නිදහස් කර ගැනීමට වෙනත් නීත්යනුකූල ක්රමයක් නොමැති නම් අපිට වෙන මොනවා කරන්නද? වෙන ජනාධිපතිවරයෙකු පත් කරලා හරි අපිට ඕන වැඩේ කරගන්න..”
