
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසළ අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අද අලුයම 3ට පමණ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේවෙතත්,වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
