
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටි අයෙකු බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
