
තලවකැලේ,ලිදුල,මවුස්ඇල්ල වතුයායේ පදිංචි පුද්ගයෙකු තම පියාට යකඩ බටයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ඳයෙන් ඊයේ(20) ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනඅතුරුව අගෝස්තු මස(09) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර ඇති බව සඳහන්. මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 ක දෙදෙරු පියෙක්. මෙම ගැටුමට හේතු වී ඇත්තේ සැකකරුගේ නිවසේ සුරතලයට ඇති කරන කුකුලෙකු සිය පියා විසින් දවල් ආහාරය සඳහා මස් කර ව්‍යාංජනයක් සකස් කිරීම හේතුවෙන් කෝපයට පත්ව යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් තුවාලකරු ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රීක් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේවෙතත් තුවාලකරගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කරන්නේ.
