
(ගයාන් සූරියආරච්චි)
චීන ජාතිකයකු සතු රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු අද අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 21 ක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
