Breaking
Sword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterSword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime Minister
යෝෂිතගේ නඩුවකින් ඩේසි ආච්චිව ඉවත් කරලා
WorldNews19

යෝෂිතගේ නඩුවකින් ඩේසි ආච්චිව ඉවත් කරලා

July 18, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයාට නඩු පැවරී.
  2. 02මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනාව යටතේ පවරා ඇත.
  3. 03අධිකරණයට චෝදනා පත්‍රය සංශෝධනය කරමින් පැන නැගී තිබේ.
  4. 04නීතිපති දෙපාර්තමේන්තුවට විමර්ශන ගොනුව ඉදිරිපත් කර ඇත.
  5. 05සකස් කළ සාක්ෂිකරුවන් 103දෙනෙක් නම්කර ඇත.
  6. 06යෝෂිත රාජපක්ෂට විරුද්ධ නඩු විමසීම සිදු විය.
  7. 07අධිකරණය පූර්ව නඩු විභාගය සඳහා යොමු කළා.
  8. 08කාල සීමාදී භාණ්ඩ සහ ලේඛන 25ක් නඩු භාණ්ඩ ලෙස නම්කර ඇත.

රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කණිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති තවත් නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වා ගෙන යන බව පැමිණිල්ල ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියා. එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා අධිකරණය අමතමින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුවක තීන්දුව දැනුම් දුන්නා වෛද්‍ය නිර්දේශය අනුව ඩේසි ෆොරස්ට් යන අය කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වන වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු චෝදනා පත්‍රය සංශෝධනය කර යෝෂිත රාජපක්ෂට විරුද්ධව පමණක් නඩු විමසීම සිදු වුණා. එහිදී එක් විත්තිකරුවකුට පමණක් ‘කුමන්ත්‍රණ’ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව දන්වමින් විත්තිකරුවන් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. අභියාචනාධිකරණය එම විරෝධය ප්‍රතික්ෂේප කර ‘කුමන්ත්‍රණ’ චෝදනාව යටතේ විත්තිකරුවන්ට විරුද්ධව නඩුව පවත්වාගෙන යෑමට අවසර දුන්නා. එම නඩුවේ ලේඛන ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පැමිණිල්ලේ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළා. 2009 වසරේ මාර්තු මස 31දා සහ 2013 වසරේ දෙසැම්බර් 12දා අතර කාලය තුළදී කොළඹදී සහ තංගල්ලේදී රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනවදහස් නවසීයක (596,79,900)ක මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබෙනවා. නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැනදැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබෙනවා. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද සිදු කිරීමට අනුබල දීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් කුමන්ත්‍රණය කළ බව ද එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස එම වරද සිදු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබුණා. 2018 වසරේදී විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් ඇති අතර ඉන් වසර 7කට පසු නීතිපති උපදෙස් ලැබ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් මෙම වසරේ අප්‍රේල් 11දා චෝදනා ගොනුකිරීම කර තිබෙනවා. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඇතුළු නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනකු රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍ර‍ෙස්කර ඇතුළු සාක්ෂිකරුවන් 103 දෙනකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා. මෙයට අමතරව චුදිතයන් දෙදෙනා එක්ව පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 4ක ගිණුම් සාරාංශ හා විත්තිකාර යෝෂිත රාජපක්ෂ කොටස් වෙළෙඳපොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති විස්තර හා ඔහු 2009 වසරේ සිට 2015 කාලය දක්වා නාවික හමුදාවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය සහ බැංකු ගිණුම් 7කට අදාළ විස්තර ඇතුළු ලේඛන 25ක් නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ. මෙයට අමතරව රත්මලාන, කෙකටිය පෙදෙසේ නො: 4, නිවෙස මිලදී ගැනීම, ඇල්ල නිව් බර්ග් වතු යාය මිලදී ගැනීම අදාළ ලේඛන ද නඩු භාණ්ඩ ලෙස නම්කර තිබෙනවා. නඩු පැවරීම සිදුකර ඇති 2009 හා 2025 කාලයෙන් විත්තිකරු 2009 ඔක්තෝබර් 29 සිට 2010 අගෝස්තු 31 දක්වා යුක්රේනයේ නැෂනල් යුනිවර්සිටි ඔෆ් ඩිෆෙන්ස් ඇකඩමිහි පාඨමාලාවකට යොමුව ඇති අතර පසුව එය 2014 මාර්තු 20 දක්වා දීර්ඝ කර තිබුණා. ඔහු 2006 දෙසැම්බර් 14වැනි දින නාවික හමුදාවට බැඳීම කර තිබෙනවා. යෝෂිත කණිෂ්ක රාජපක්ෂ නාවික හමුදාවේ සේව කළ කාලය තුළදී මාසිකව රුපියල් 73000/ක වැටුපක් ඔහුගේ ගිණුමට ලැබී ඇති බවත් ඔහු එම මුදල ආපසු ගෙන නොමැති බව හා ඩේසි ෆොරස්ට්, ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කර තිබෙන බව සහ ඇයට ඒ සඳහා වේතන ලෙස එකල රුපියල් 300ක පමණ මුදලක් ලැබී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළා. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා පෙනී සිටියා. පළමු විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හා දෙවැනි විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහත්වරු පෙනී සිටියා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/daisy-aachchi-removed-from-one-of-yoshithas-cases/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මද්දුමනඩුචෝදනාආදායම්අධිකරණ
BestWeb.lk Top Web 2026 June Qualified