
අමෙරිකාව ඉරානය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදුවුවහොත්, පවතින ගැටුම් නව අදියරකට ව්‍යාප්ත වනු ඇති බවට ඉරාන සන්නද්ධ හමුදාව අනතුරු අඟවා තිබෙනවා. ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයකින් සඳහන් කළේ, අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගියහොත් ඉරානය නව සටන් පෙරමුණු විවෘත කිරීමට පියවර ගන්නා බවයි. ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ යුද හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් භාවිත කර නොමැති බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම ඉරානයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට දක්වන ප්‍රතිචාරය සතුරා අපේක්ෂා කරන මට්ටම ඉක්මවා යනු ඇති බවත්, එය ගැටුම් නව කලාප දක්වා ව්‍යාප්ත වීමට හේතු විය හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
