
කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් අතරතුර, හිටපු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා. රැස්වීමේ ප්‍රශ්න විමසීම සඳහා වෙන් කර තිබූ කාලය තුළදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා විසින් පෙත්සම් කිහිපයක් කියවීමට උත්සාහ කිරීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය නිර්මාණය වී තිබුණා. එහි සිටි සෙසු පිරිස මන්ත්‍රීවරයාගේ ක්‍රියාවට විරෝධය පළ කරමින් කෑගැසූ අතර, එහිදී කෝපයට පත් අර්චුනා මන්ත්‍රීවරයා, හිටපු අමාත්‍ය චන්ද්‍රසේකර් මහතාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට “හොරුන්” යැයි පවසමින් චෝදනා එල්ල කළා. මන්ත්‍රීවරයා තම අසුනෙන් නැගිට රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වෙත පහරදීමට උත්සාහ කළ අතර, එහි සිටි ආරක්ෂක අංශ (පොලිස් නිලධාරීන්) වහා මැදිහත් වී ඔහුව වළක්වා ගැනීමට කටයුතු කර තිබුණා. එහිදී අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, එසේ කළහොත් තමන්ද පෙරළා ප්‍රහාර එල්ල කරන බවයි.
