Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ලංකා ඉතිහාසයේ අඩුම මිලට සුළං විදුලිය: මන්නාරම බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරට
TechnologyNews19

ලංකා ඉතිහාසයේ අඩුම මිලට සුළං විදුලිය: මන්නාරම බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරට

July 5, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මන්නාරම 50 MW HayWind සුළං විදුලි බලාගාරයේ අවසාන ටර්බයින තොගය වරායට පැමිණිණ.
  2. 02පළමු ටර්බයින් ස්ථාපන කටයුතු මන්නාරමේ ආරම්භ වී ඇත.
  3. 032027 මාර්තු වනවිට මූලික ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරයි.
  4. 04විදුලි ඒකකය මිලදී ගැනීම අලුත්ම මිලක් විශේෂිතයි.
  5. 052030 වනවිට 70% විදුලි බලය පුනර්ජනනීයය විය යුතුයි.
  6. 06Hayleys Fentons PLC සමාගම ටර්බයින ස්ථාපනය කරයි.
  7. 07National System Operator විසින් පද්ධති කළමනාකරණය සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව ස්ථාවර සහ හරිත බලශක්ති අනාගතයක් කරා ගෙන යන ප්‍රධානතම පියවරක් තබමින්, මන්නාරම 50 MW HayWind සුළං විදුලි බලාගාරයට අවශ්‍ය අවසාන ටර්බයින තොගය ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබෙනවා. මීට සති කිහිපයකට පෙර මෙරටට රැගෙන ආ පළමු ටර්බයින තොගය මේ වන විටත් මන්නාරමේ අදාළ ඉදිකිරීම් භූමියේ ස්ථාපනය කරමින් පවතින බව වාර්තා වනවා. 2026 ජනවාරි මාසයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සැලසුම් කර ඇති පරිදි 2027 මාර්තු වන විට මෙහි සමස්ත ඉදිකිරීම් අවසන් කර මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ විශේෂිතම ජයග්‍රහණයක් වන්නේ මෙරට ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන අඩුම මිල මෙහිදී වාර්තා වීමයි. ඒ අනුව විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 0.0465ක (ශ්‍රී ලංකා රුපියල් 14.37) වැනි ඉතා අවම මුදලකටයි. මෙම ව්‍යාපෘතිය හරහා 2030 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික ඉලක්කයට ළඟා වීමට විශාල පිටුවහලක් ලැබෙනවා. තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගත් Hayleys Fentons PLC සමාගම විසින් මෙම ටර්බයින ස්ථාපනය සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබනවා. එමෙන්ම, බලශක්ති අමාත්‍යංශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම (National System Operator – NSO) විසින් මෙහි සමස්ත පද්ධති පාලනය සහ කළමනාකරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/lowest-cost-wind-power-in-sri-lankas-history-mannar-wind-power-plant-construction-enters-final-stage/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අනාගතයසුළං බලයවිදුලි බලාගාරශ්‍රී ලංකාවපුරාණ්ය
BestWeb.lk Top Web 2026 June Qualified