Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
චීනයේ රොබෝවෙක් හිඟමනේ
TechnologyLankadeepa

චීනයේ රොබෝවෙක් හිඟමනේ

June 20, 2026·3 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01චීනයේ මානවරූපි රොබෝවරුන් ජනප්‍රිය වෙමින් පවතී.
  2. 02සම්පූර්ණ විඩියෝවක් සමාජ මාධ්‍යයෙන් වේදිකාව ලබා ගෙන ඇත.
  3. 03මෙම රොබෝ සියලුම ජනතාවට පහසුම ආකාරයට අසරණ බව පෙනේ.
  4. 04රොබෝට මුදල් ලබා ගැනීම සඳහා QR කේතයක් ඇත.
  5. 05මෙය Unitree Gi නම් තාක්ෂණ සමාගමක නිෂ්පාදෙකි.
  6. 06මෙම රොබෝ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස බලනු ලැබේ.
  7. 07මෙය ප්‍රචාරණ උපක්‍රමයක් බවත් කියවේ.

විවිධාකාරයේ මානවරූපි (මනුෂ්‍යයන්ට සමාන ලෙස හිසක්, අත පය සහ සිරුරුක් ඇති) රොබෝවරුන් චීනයේ දකින්න ලැබේ. චීනයේ එවැනි එක් රොබෝවකු මහ මඟ සිඟමනේ යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය (වයිරල්) වී ඇත.

මේ රොබෝ ගැන දැන ගන්න ලැබෙන්නේ චීනයේ සිචුවාන් පළාතෙනි. මෙම රොබෝ මහමඟ සිඟමනේ යෙදෙන්නේ 'මට මාව චාජ් කරගන්න විදියක් නැහැ. ඒ වෙනුවෙන් සල්ලි දෙන්න පිං සිද්ධ වේවි' යැයි කියමිනි. රොබෝ මුදල් ලබා ගැනීම වෙනුවෙන් කියුආර් කේතයක් සහිත රූපයක් ද අසලින් තබාගෙන සිටිනු දකින්න ලැබේ.

එපමණක් නොවෙයි, රොබෝ තමන් ගැන මනුෂ්‍යයන් තුළ අනුකම්පාවක් ඇති කිරීමට අනුවේදනීය ආකොරයේ සංගීතයක් වාදනය වීමට සලස්වයි.

මෙම රොබෝ චීනයේ Unitree Gi නමැති උසස් තාක්ෂණික මාදිලියට අයත් රොබෝවරයකු බව මේ වනවිට අනාවරණය වී ඇත. මේ රොබෝ පණ ගැන්වෙන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයකිනි.

අසරණ වී සිඟමනේ යෙදන බව රොබෝගෙන් නිරූපණය කර ඇත්තේ පර්යේෂණයක ප්‍රතිඵළයක් යැයි රොබෝගේ හිමිකරුවන් මේ වනවිට තහවුරු කර ඇත.

මේ 'Unitree G1' රොබෝ, අසරණ රොබෝවකු නොවන බවත්, මෙය ප්‍රචාරණ උපක්‍රමයක් (Publicity Stunt) බවත් රොබෝ අයිති තාක්ෂණ සමාගම බවසයි. තාක්ෂණ සමාගම උත්සාහ කර ඇත්තේ රොබෝට කී දෙනකු පිහිට වෙනවාදැයි සොයා බැලීමට බව ද වාර්තා වේ.

(ඩේලිමේල්)

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/චනය-රබවක-හඟමන/1-693795
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රොබෝචීනයඅනාගතයතාක්ෂණයඅසරණභාවය
BestWeb.lk Top Web 2026 June Qualified