Breaking
හොරණ තක්ෂිලා විද්‍යාලය, මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘Ultimate…
ScienceNews19

හොරණ තක්ෂිලා විද්‍යාලය, මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘Ultimate…

June 18, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හොරණ තක්ෂිලා විද්‍යාලය, මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී 80 වසරක් සම්පූර්ණ කරයි.
  2. 02‘Ultimate 80’ උත්සව මාලාව 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වේ.
  3. 03ප්‍රධාන අංගය ‘Cognizancy 2026’ අධ්‍යාපනික ප්‍රදර්ශනයයි.
  4. 04සීසුන්ගේ නිර්මාණ සහ නවෝත්පාදන ඇතුළුව වේ.
  5. 0575,000කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
  6. 06ආදායම ශිෂ්‍ය සුබසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගනු ඇත.

හොරණ තක්ෂිලා විද්‍යාලය, මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘Ultimate 80’ දැවැන්ත අධ්‍යාපන සහ සැමරුම් උත්සව මාලාව මෙම මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව හොරණ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පති නිලූක වීරසිංහ මහතා පැවසුවා. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සහ වත්මන් ශිෂ්‍ය ප්‍රජාව එක්ව සංවිධානය කරන මෙම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධානතම අංගය වන්නේ ‘Cognizancy 2026’ අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළියයි. සිසුන්ගේ නිර්මාණ සහ නවෝත්පාදන ඇතුළත් විද්‍යා, තාක්ෂණික හා කලා කුටි, රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපන ප්‍රදර්ශන කුටි මෙන්ම වෙළෙඳ කුටිද මීට ඇතුළත් වනවා. මීට අමතරව විනෝදජනක අවස්ථා, සංගීත සංදර්ශන, සන්නද්ධ හමුදාවල විශේෂ සන්දර්ශන සහ පාසල් කැඩෙට් කණ්ඩායම්වල ඉදිරිපත් කිරීම්වලින් මෙම උත්සව මාලාව වර්ණවත් වන බව විදුහල්පතිවරයා පැවසුවා. මෙම ප්‍රදර්ශනයෙන් ලැබෙන සමස්ත ආදායම ශිෂ්‍ය සුබසාධනය, විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පාසල් ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා. මෙහිදී අදහස් දැක්වූ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නවීන්ද්‍ර ලක්නාත් මහතා කියා සිටියේ, දින 5ක් පුරා පැවැත්වෙන මෙම අධ්‍යාපනික සහ සැණකෙළි මාලාව නැරඹීම සඳහා 75,000කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. දශක අටක් තිස්සේ රටට විද්වතුන්, නායකයන්, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කලාකරුවන් බිහි කළ සිය මාතෘ පාසලේ මෙම ඓතිහාසික සන්ධිස්ථානය සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ආදි ශිෂ්‍ය ප්‍රජාවගේ සහ සැමගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/horana-taxila-turns-80-ultimate-80-a-series-of-grand-celebrations-and-exhibitions/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
වීරසිංහඋත්සවඅධ්‍යාපනයහොරණතක්ෂිලා
BestWeb.lk Top Web 2026 June Qualified