Breaking
සමාජ මාධ්‍ය කැළඹූ මැදවච්චිය සැලූන් සිද්ධියේ සැකකරු දැලේ
WorldNews19

සමාජ මාධ්‍ය කැළඹූ මැදවච්චිය සැලූන් සිද්ධියේ සැකකරු දැලේ

June 18, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මැදවච්චිය කප්පම් ඉල්ලා පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  2. 02මේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ.
  3. 03පහරදීමක් ව්‍යාපාරික හිමිකරු සමඟ පැරණි ආරවුලක් හේතුවෙන් සිදු වීමක් බව කියයි.
  4. 04සැකකරු 29 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචියකුවෙක්.
  5. 05අද උදෑසන සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.
  6. 06විශේෂිත වීඩියෝ දර්ශන මගින් විමර්ශනයක් සිදු කෙරේ.
  7. 07මෙම සිද්ධිය පසුගිය 09 නිදානයේ පැවැති ඇත.
  8. 08සමාජ මාධ්‍යේ සිද්ධිය ගැන කතාබහ වැඩි වී තිබෙනවා.

සාමාජ මාධ්‍ය තුළ මේ දිනවල සැරිසරන මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදීමට අදාළ සිද්ධියේ සැකකරු ඊයේ(17) මැදවච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි. එහිදී ක්‍රියාත්මක වූ පොලීසිය වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශනයක් සිදුකළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු හා සැකකරු විසින් පහර දීමට යොදා ගත් තියුණු ආයුධයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පහරදීම කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකළ පහරදීමක් නොවන බවත්, සැකකරු හා ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අතර තිබූ පැරණි ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමක් බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා. සැකකරු අද(18) දින මැදවච්චිය ගරු මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මෙම සිදුවීම පසුගිය(09) දිනක මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයක සිදු වූවක් වන අතර එම ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදෙන ආකාරයේ දර්ශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වී සමාජය තුළ වැඩි කතාබහකට ලක් වුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/suspect-in-medawachchiya-saloon-incident-that-rocked-social-media-arrested/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මැදවච්චියපහරදීමකප්පම්පොලිසියවිමර්ශන
BestWeb.lk Top Web 2026 June Qualified