Breaking
බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ලබන 20 වැනිදා සිට යළි ආරම්භ කෙරේ...
WorldNewsfirst

බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ලබන 20 වැනිදා සිට යළි ආරම්භ කෙරේ...

June 18, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දිට්වා සුළි කුණාටුව නිසා උඩරට දුම්රිය මාර්ග වාහන සීමා වී ඇත.
  2. 02නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය ඇණහිටි.
  3. 03134 වැනි සැතපුම් කණුව අසළ හේතුවෙන් කොටසක් නාය යෑම.
  4. 04කොටස පිළිසකර කර ඇති අතර, අනිද්දා සිට වාර 4 ක් ක්‍රියාත්මක වේ.
  5. 05දෙනා ආසන වෙන් කිරීමේ පහසුකම ඇත.
  6. 06මගීන්ට ප්‍රවේශ පත්‍රය මඟින් ගමන් ආරම්භ කළ හැක.
  7. 07සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදුවිම්.
  8. 08දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමා විය.

නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය ඇණ හිටියේ 134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම නාය යාම හේතුවෙනි.

මේ වන විට එම කොටස සම්පූර්ණයෙන්ම පිළිසකර කර ඇති අතර අනිද්දා සිට නානුඔය සහ බදුල්ල අතර දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇති.

ධාවනය වන සෑම දුම්රියක්ම, ආසන වෙන් කිරීමේ පහසුකම සහිත පළමු පංතියේ සහ දෙවන පංතියේ මැදිරිවලින් සමන්විත වේ.

ඒ අනුව එම දුම්රිය මාර්ගයේ, ගමන් ආරම්භ කිරීමට හෝ ගමනාන්තය ලෙස අඹේවෙල තෝරාගෙන දැනටමත් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට එම ප්‍රවේශපත්‍ර මගින් නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ ගමනාන්තය ලෙස තෝරාගැනීමට හැකිවනු ඇති.

සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතින බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/18/බදුල්ල-සිට-නානුඔය-දක
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
දුම්රියසුළි කුණාටුවහානියදායකත්වයපුනරුත්ථාපනය
BestWeb.lk Top Web 2026 June Qualified