Breaking
පූනෑව පහළ ගල්කන්දේගම විද්‍යාලයේ නි. විදුහල්පතිනිය අනතුරින් මරුට
WorldLankadeepa

පූනෑව පහළ ගල්කන්දේගම විද්‍යාලයේ නි. විදුහල්පතිනිය අනතුරින් මරුට

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01නියෝජ්‍ය විදුහල්පතිනියක් මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්වයි.
  2. 02අනතුර ප්‍රදේශයේදී මහකුඹුගොල්ලෑව පිහිටියේය.
  3. 03චම්පා ශ්‍රියානි සුභසිංහ මහත්මිය පාසලේ සේවය කළා.
  4. 047.20ට සිදුවූ අනතුරක් යතුරු පැදියෙකුගේ ගැටීමක් නිසා සාදිතය.
  5. 05කතුරු පැදියෙන් බරපතළ තුවාල ලැබිණ.

(බී. ජී. චතුරංග)

පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී , යතුරු පැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනියක අද උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පූනෑව පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි චම්පා ශ්‍රියානි සුභසිංහ මහත්මිය වන අතර, ඇය පූනෑව පහළ ගල්කන්දේගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිටි බව අනාවරණය වී ඇත.

මැදවච්චිය දෙස සිට වව්නියාව බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් රථයක් එම දිශාවටම ගමන් කරමින් තිබූ ස්කූටි වර්ගයේ යතුරු පැදියක පිටුපස ගැටීමෙන් උදෑසන 7.20ට පමණ මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් නියෝජ්‍ය විදුහල්පතිනිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය කියයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පනව-පහළ-ගලකනදගම-වදයලය-න-වදහලපතනය-අනතරන-මරට/101-693709
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රිය අනතුරුපැද්දකින්නියෝජ්‍ය විදුහල්පතිපූනෑවඅනතුරු
BestWeb.lk Top Web 2026 June Qualified