Breaking
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් එජාපයෙන් රජයට ප්‍රශ්නාවලියක්
WorldNews19

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් එජාපයෙන් රජයට ප්‍රශ්නාවලියක්

June 18, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01එක්සත් ජාතික පක්ෂය රජයෙන් තොරතුරු ඉල්ලයි.
  2. 022019 පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයක් නැවත අවදි කිරීමට ඉල්ලීමක් ඇත.
  3. 03රජය ඇමරිකාවෙන් තොරතුරු ලැබීමට අයදුම් කර තිබේ.
  4. 04රුනිල් වික්‍රමසිංහගේ දුරකතා සංවාදයක් සිදු වී තිබේ.
  5. 05FBI සහ ශ්‍රී ලංකා ආයතන අතර පරීක්ෂණයක් සිදුවී ඇත.
  6. 06අමතර පිටු 71 ක දිවුරුම් ප්‍රකාශයක් ද ගොනු කර තිබේ.
  7. 07සැකකරුවන් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවී ඇත.

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද විමර්ශනයට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය රජයෙන් විමසා සිටින්නේ නැවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක මෙම තොරතුරු හා සාක්ෂි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු රජයට අයදුම්පතක් නිකුත් කර තිබේද?ඒ සඳහා ලැබුණ පිළිතුර කුමක්ද?එසේ නොමැති නම් රජය එය නොකිරීමට හේතුව කුමක් ද?යන්නයි. එමෙන්ම, එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එම තොරතුරු සහ සාක්ෂි මෙරට අධිකරණ බලධාරීන් හට ලබා දිය යුතු බවයි. එක්සත් ජනපද විමර්ශනයට අදාළ සියලුම තොරතුරු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෝ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා. 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාර සම්බන්ධයෙන්, එවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ එක්සත් ජනපද විමර්ශනයක් සහ වාර්තාවක් ඉල්ලා සිටි බවත්, ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහතික කරමින් මෙම ඉල්ලීම සිදු කළ බවත් අදාළ නිවේදනයේ සඳහන්. අනතුරුව, රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී ද එවැනිම ඉල්ලීමක් සිදු කළ බවත්, ඒ අනුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු ශ්‍රී ලංකා ආයතන සමඟ සහයෝගයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර, පසුව ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් නිවේදනයේ දැක්වෙනවා. 2020 නොවැම්බර් 12 වන දින, FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියා අධිකරණයේ ගොනු කරන ලද පිටු 71 ක දිවුරුම් ප්‍රකාශයක් මෙන්ම, 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර ඇති බවත්, නඩුවේ නම් කර ඇති සැකකරුවන් කිහිප දෙනකු ඒ වන විටත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ බවත්, එම වැදගත් තොරතුරු එක්සත් ජනපද විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. එම නිවේදනය පහතින්,

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/unp-submits-questionnaire-to-government-regarding-easter-attack-investigation/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පාස්කු ප්‍රහාරයඑක්සත් ජාතීන්FBIරජයවිමර්ශනය
BestWeb.lk Top Web 2026 June Qualified